පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය ජාත්‍යන්තර ඇගයුමට

September 18, 2023 - 12:22 PM
Most Powerful and Influential Women Award ජාත්‍යන්තර සම්මානයට පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය පාත්‍ර හිමිවුණා.

දේශපාලන බලවතුන්, ව්‍යාපාරික බලවතුන්, උගතුන් , විවිධ කේශ්ත්‍ර වල ප්‍රබලයන් ඇතුඵ විශාල පිරිසක් මේ සදහා නියෝජනය කර තිබුණා.

World Humanitarian Foundation මෙය සංවිධානය කර තිබුණ අතර හෙද නිළධාරිණියක් මෙවන් සම්මානයකට පාත්‍ර වූ ප්‍රථම අවස්ථාවද මෙය වීම විශේෂත්වයක්.

එමෙන්ම London Chamber of Commerce හි පැවැති Global Economic Forum Summit හි G20 සංවිධානය මගින් Global ICON Award ජාත්‍යන්තර සම්මානයෙන් ඇය පිදුම් ලැබුවා.

පුෂ්පා රම්‍යානි සොයිසා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුලත් London Chamber of Commerce හිදිත් ජාත්‍යන්තර සම්මාන ද්ව්ත්වයකින් පිදුම් ලැබූ බව වාර්තා වනවා.
(colombotimes.lk)