කාන්තාවන්ට හා පිරිමින්ට සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි

June 18, 2024 - 8:06 PM
කාන්තාවන්ට හා පිරිමින්ට සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියළු ගිවිසුම්වල ඇතුළත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එම කටයුතුවලට බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට නොහැකි බව ඔහු කියා සිටියා.

මෙරට කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් ලබාදීම රජයේ අරමුණ බවත් ඒ වෙනුවෙන් තමන් කැපවී සිටින බව ජනාධිපතිවරයා අවධාරණය කළා.

අද (18) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. 

(lknews)