කෙහෙළියට එරෙහිව තවත් පැමිණිල්ලක්

June 19, 2024 - 6:59 PM
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

එම විමර්ශනය සිදු කර තිබෙන්නේ ඔහු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කාලයේ එම අමාත්‍යංශය මඟින් නිකුත්කර තිබූ නිල රථ දෙකක් ඔහුට අමාත්‍ය ධූරය අහිමිවීමෙන් පසුව ඒවා නැවත භාර නොදී අවභාවිත කළ බවට සිවිල් පුරවැසියෙක් කරන ලද පැමිණිල්ලක් මතයි.

(lknews)