ඇමති මනූෂගේ පුද්ගලික ලේඛම්ට ඇප

July 22, 2025 - 4:35 PM
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ පුද්ගලික ලේඛම් වශයෙන් කටයුතු කළ ෂාන් යහම්පත් ගුණරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල නියෝග කර තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

අදාළ සැකකරුට විදේශ ගමන් තහනමක්ද පනවා ඇති බවයි වාර්තා වන්නේ.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

(lknews.lk)