නුගේගොඩ පාලම උඩ මාරක රිය අනතුරක්
July 23, 2025 - 4:34 PM
හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන්පාලම උඩ අද (23) අලුයම සිදුවූ රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මහරගම දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු සහ පසුපස අසුනේ ගමන් ගත් මගියෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පිටුපස ආසනයේ ගමන් ගත් තරුණයා මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 21වන මීගමවත්ත, වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(lknews.lk)