ශ්‍රී ලංකාවට ණය දුන් රටවල් සමඟ ඉදිරියේදී ගිවිසුමක්

June 19, 2024 - 5:46 PM
ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරියේදී ගිවිසුමකට එළඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඉන් අනතුරුව තරඟකාරී, ඩිජිටල්කරණය වූ හරිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා නව වාණිජ බැංකුවක්, ආර්ථික කොමිෂන් සභාවක් සහ 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' නමින් නව ආයතනයක් පිහිටුවමින් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය නංවාලීමට රජය සැළසුම් කර ඇති බව ඔහු කියා සිටියා.

2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

(lknews)