ලබන වසරේ වියළි කාලගුණයක් - මණ්ඩලය විදුලිය මිලදී ගැනීමට අත ඔසවයි

September 08, 2023 - 12:30 PM
අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම සහතික කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලනය සහ කළමනාකාරීත්වය ඉදිරිපත් කර ඇත්තේ ජල විදුලි උත්පාදනය මේ වන විට අඩු වී ඇති බවයි.

කෙසේ වෙතත් තාප විදුලි උත්පාදනය සමඟ මෙලෙස අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට හැකි වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඉදිරි මාස 12 සඳහා 2024 මැයි මාසය වන විට ගල් අඟුරු තොග 40ක් ගොඩබෑමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ලබන වසර වියළි කාලගුණයක් පවතින වසරක් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙන බව සඳහන්.

ඒ අනුව අඩුම මිලට පෞද්ගලික බලාගාර වලින් ජාතික පද්ධතියට විදුලිය ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.
(lknews.lk)