මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට
March 13, 2025 - 4:03 PM
මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයෙක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපොළ ශාඛාවේ නිලධාරීන් විසින්.
ඔහු ඩුබායි බලා පිටත්ව යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපොළ ශාඛාවේ නිලධාරීන් සඳහන් කළා.
(lknews.lk)