රිදී ගම විහාරයේ පෙරහැර නිසා කුරුණෑගල මාර්ගයේ විශේෂ රථ වාහන සැලැස්මක්

August 29, 2024 - 8:26 PM
රිදීගම විහාරයේ අවසන් ඇසළ මහ රන්දෝලි පෙරහැර හෙට (30) සවස 6.30 සිට රිදීගම නගරය ආශ්‍රීතව වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
 
මෙම පෙරහැර ඉහත කාලය තුළ විහාරස්ථානයෙන් ආරම්භ වී කුරුණෑගල - කැප්පැටිගල මාර්ගයේ හුණුගල්කඩුල්ල හංදියේ සිට රිදීගම නගරය දක්වා සහ කටුපිලගොල්ල හන්දියේ සිට රිදීගම නගරය දක්වාත්, මාතලේ - රිදීගම මාර්ගයේ රුක්අත්තනගහ හන්දිය සිට රිදීගම නගරය දක්වා ගමන් කර නැවත විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතයි.

ඉහත මාර්ගය භාවිතා කරන මහජනතාව සහ රියදුරන් හට පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ පහත සඳහන් විකල්ප මාර්ගයන් භාවිතා කිරීමට හැකියාව පවතින බව පොලීසිය පවසනවා.

විකල්ප මාර්ග

කුරුණෑගල දෙස සිට රිදීගම නගරය හරහා කැප්පැටිගල දෙසට ගමන් කරන රථවාහන හුණුගල්කඩුල්ල හන්දියෙන් හරවා මොරතිහ,කටුපිලගොල්ල හරහා කැප්පැටිගල දක්වා ගමන් කළ හැකියි.

කැප්පැටිගල දෙස සිට රිදීගම නගරය හරහා කුරණෑගල දෙසට ගමන් කරන රථවාහන කටුපිලගොල්ල හන්දියෙන් හරවා මොරතිහ, හුණුගල්කඩුල්ල හරහා කුරුණෑගල දෙසට ගමන් කළ හැකියි.

මාතලේ - මදුරාගොඩ දෙස සිට රිදීගම දෙසට ගමන් කරන වාහන රුක්අත්තන හන්දියෙන් තල්ගොඩපිටියට ගමන් කර කුරුණෑගල - දඹුල්ල මාර්ගය භාවිතා කළ හැකියි.
 
(lknews.com)