රාජ්‍ය බැංකුවක ATM කාඩ් අවසන් වෙයි

October 26, 2023 - 6:42 PM
මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක ATM කාඩ් හිඟයක් පවතින බව වාර්තා වනවා.

මාස දෙකක පමණ කාලයක් තිස්සේ මෙලෙස කාඩ් පත් හිඟය පවතින බවයි අදාළ බැංකුවේ නියෝජිතයෙක් ප්‍රකාශ කළේ.

යම් පුද්ගලයෙකුගේ ATM කාඩ් පතක් අහිමි වුවහොත් එය ලබා ගැනීමේ හැකියාවක් මේ වන විට නොමැති බව සඳහන්.

ඒ අනුව අදාළ බැංකුව ප්‍රකාශ කර සිටින්නේ, බැංකු ශාඛාවකට ගොස් කඩිනමින් ලියාපදිංචි වන ලෙසටයි.

එසේම කාඩ්පත් ලබා දෙන දිනයක් සම්බන්ධයෙන් ද එම බැංකුව මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කර නැහැ.
(lknews.lk)