ඩෙංගු මඩින්න ජනපතිගෙන් උපදෙසක්
May 21, 2025 - 10:29 AM
කොළඹ දිස්ත්‍රික්කය තුළ සීග්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩිවීම හේතුවෙන් ඇල මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සහ ඊට අදාළ ආයතනවල නිලධාරීන් සමඟ ඊයේ (20) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.
පරිසර පොලීසිය බලගැන්වීම සහ ප්‍රජා කමිටුවල සක්‍රීය දායකත්වය ලබා ගැනීම තුළින් අවිධිමත් ලෙස කැළිකසළ බැහැර කිරීමේ ගැටලුවට විසඳුම් සෙවීම සම්බන්ධවද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.
(lknews)