යේමනයේ හොඩේයිඩා වරායට ගුවන් ප්‍රහාර

July 21, 2024 - 2:08 PM

ඊශ්‍රායලය විසින් යේමනයේ හූති කැරළිකරුවන්ගේ පාලනයේ පවතින හොඩේයිඩා වරායට ගුවන් ප්‍රහාර එල්ලකර තිබෙනවා.

එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 3ක් මියගොස් ඇති අතර පුද්ගලයින් 87ක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මීට දින දෙකකට පෙර හූති කැරළිකරුවන් විසින් ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනෙවා.

එයට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
 
(LK News)