ඇමෙරිකාව පාරිභෝගිකයන්ට බිත්තර සීමා කරයි

February 21, 2025 - 3:36 PM
ඇමෙරිකාවේ බිත්තර මිල ඉහළයාම හා බිත්තර හිගවීම සමග පාරිභෝගිකයෙක්ට එක්වරකට මිලදී ගත හැකි බිත්තර ප්‍රමාණය සීමා කර තිබෙනවා.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා බිත්තර මිල සියයට 15කට අධික සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට එරට බිත්තර 12ක මිල ඩොලර් 05කට ආසන්න බවයි.

ඇමෙරිකාව තුල සීග්‍රයෙන් පැතිර යන කුරුළු උණ හේතුවෙන් බිත්තර හිඟ වීමත් සමඟ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

එමෙන්ම කූඩු තුළ ඇති කරන කිකිලියන්ගෙන් ලබා ගන්නා බිත්තර පමණක් අලෙවි කිරීමට පනවා තිබූ නීති ඉවත් කර ඇති අතර සෞඛ්‍ය ආරක්ෂිතව නිවෙස්වල ඇති කරන කිකිලියන්ගේ බිත්තර අලෙවියටද අවසර ලබාදී තිබෙනවා.

(lknews.lk)