ඇමරිකාවේ තවත් ගුවන් යානයක් ගිනිගනියි

February 03, 2025 - 3:53 PM
ඇමරිකාවේ united airlines සමාගමට අයත් මගීන් ප්‍රවාහන ගුවන් යානයක එන්ජිමක ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුර එරට හූස්ටන් ගුවන්තොටුපළෙන් ගුවන් ගත කිරීමට මොහොතකට පෙර සිදුවී ඇති බවයි.

ගින්න ඇතිවන අවස්ථාවේ යානයේ පුද්ගලයන් 108ක් සිට තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ ඔවුන් සියලුදෙනා කඩිනමින් ඉවත් කර ගින්න පැතිරීම පාලනයට බලධාරීන්ට හැකි වී තිබූ බවයි.

(lknews.lk)