අත්අඩංගුවට ගත් කෙහෙළියගේ නිවසේ සේවිකාව රිමාන්ඩ්

June 12, 2025 - 8:47 AM
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව සිදු කරන විමර්ශනවලට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ සේවිකාවක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. 

ඒ ලබන 17වනදා දක්වයි. 

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී හමුවට ඊයේ (11) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා. 
 
(lknews)