ආබාධ සහිත පුද්ගලයන්ගේ ආධාර මුදල ඉහළට

May 28, 2025 - 10:39 AM
ආබාධ සහිත පුද්ගලයන් සඳහා විශේෂ ආධාරක උපකරණ මිලදී ගැනීමට ලබාදෙන ආධාර මුදල ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා

ඒ අනුව ආබාධ සහිත පුද්ගලයන් සඳහා විශේෂ ආධාරක උපකරණ මිලදී ගැනීමට මෙතෙක් රජය විසින් එක් පුද්ගලයෙක් සඳහා ලබාදුන් රුපියල් 20,000ක ආධාර මුදල රුපියල් 50,000ක් දක්වා වැඩිකර ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)