ඕස්ට්‍රේලියා ගංවතුර තත්වය ලිහිල් වෙයි

February 04, 2025 - 2:00 PM
ඕස්ට්‍රේලියාවේ ගංවතුර හේතුවෙන් උතුරු ක්වීන්ස්ලන්තයේ ප්‍රජාවන්ට දැඩි හානි සිදුවී තිබෙනවා.

ප්‍රාන්තයේ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මෙම තත්ත්වය වේගයෙන් ලිහිල් වෙමින් පවතින බවයි.

ඒ හේතුවෙන් ඉවත් කරන ලද පදිංචිකරුවන් දහස් ගණනක් අද (04) සිය නිවෙස් වෙත ආපසු යැවීමට තීරණය කර තිබෙනවා.

සෙනසුරාදා සිට කලාපයේ කොටස් මීටර් 2 (අඩි 6.5) කට ආසන්න වර්ෂාපතනයක් පතිත වී තිබෙනවා.

මේ හේතුවෙන් මෙම ප්‍රදේශය තුළ විදුලිය විසන්ධි කිරීම් සහ ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ අවධානමක් පැවතී බවයි වාර්තා වන්නේ.