ඔස්ට්‍රි­යාවේ නව චාන්ස­ල්ව­රයා දිවු­රුම් දෙයි

March 06, 2025 - 4:20 PM
මධ්‍යම යුරෝපා රටක් වන ඔස්ට්‍රි­යාවේ මාස 5ක දේශ­පා­ලන අර්බු­දය අව­සන් කර­මින් එරට මහ­ජන පක්ෂයේ ක්‍රිස්ටි­යන් ස්ටෝකර්, නව චාන්ස­ල්ව­රයා ලෙස දිවු­රුම් දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජාතික කවු­න්සි­ල­යට නියෝ­ජි­ත­යන් පත් කර­ගැ­නීම සඳහා පසු­ගිය වසරේ සැප්තැ­ම්බර් මාසයේ පැවති ඔස්ට්‍රි­යානු මැති­ව­ර­ණ­යෙන් එම පක්ෂය 2වෙනි ස්ථාන­යට පත්වු­වද, මැති­ව­ර­ණ­යෙන් තුන්වැනි හා 4වන තැනට පත්වූ මධ්‍ය වාමාං­ශික සමා­ජ­වාදී ප්‍රජා­තා­න්ත්‍රික පක්ෂය සහ ලිබ­රල් නියෝස් පක්ෂය සමඟ එක්ව හවුල් රජ­යක් බිහි කිරී­මට සමත්වූ බවයි.

ඔස්ට්‍රි­යාවේ නව චාන්ස­ල්ව­රයා ලෙස පත්වූ 64 හැවි­රිදි ක්‍රිස්ටි­යන් ස්ටෝකර්ට ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි, විය­ට්නා­මයේ
අග­මැති පාම් මින් චින් ඇතුළු රාජ්‍ය නාය­ක­යන් රැසක් සුබ­පැ­තුම් එක් කර තිබෙනවා.

(lknews.lk)