බේරේ වැවේ ජල සාම්පල වාර්තාව නිකුත්වෙයි

January 31, 2025 - 10:04 AM
බේරේ වැවේ සතුන් මියයාම සම්බන්ධයෙන් ලබාගත් ජල සාම්පල පිළිබඳ අවසන් පරීක්ෂණ වාර්තාව අද (31)නිකුත් කරන බව නාරා ආයතනය පවසනවා.

එම ආයතනයේ පරිසර අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය ශ්‍යාමලී වීරසේකර සඳහන් කළේ එම ජලයේ ඇමෝනියා සාන්ද්‍රණ ප්‍රමාණයේ විශාල වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.

බේරේ වැවේ මියගිය පක්ෂීන්ගේන් ලබාගත් සාම්පල පරික්ෂා කිරීම අරම්භකර බව ප්‍රධාන නාගරික පශු වෛද්‍ය නිලධාරී වෛද්‍ය මොහොමඩි ඉජාස් සඳහන් කළා.


(lknews.lk)