කැනඩාවට අදනව අගමැතිවරයෙක් පත්කිරීමට සූදානමක්
March 10, 2025 - 11:38 AM
කැනඩාවේ ලිබරල් පාලක පක්ෂයේ නව නායකයා පත් කරගැනීම සඳහා වන මැතිවරණ කොට්ඨාස ඡන්ද ප්‍රකාශය පැවති අතර නව පක්ෂ නායකයා නිවේදනය කිරීම අද (10) සිදුකර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කැනඩාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාලක පක්ෂයේ නව නායකයා එරට නව අගමැතිවරයා ලෙස පත්වන බැවින් ලිබරල් පාලක පක්ෂයේ නව නායකයා තෝරාගැනීම පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමු වී ඇති බවයි.
ලිබරල් පාලක පක්ෂයේ නව නායකත්වය සඳහා ඡන්ද විමසීමේදී එරට ප්‍රවීණ බැංකුකරුවෙක් වන මාක් කාර්නි සහ හිටපු මුදල් ඇමැති ඉදිරියෙන් පසුවන බවත්, 50% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා අපේක්ෂකයා ලිබරල් පක්ෂයේ නායකත්වයට සහ කැනඩාවේ අගමැති ධුරයට පත්වනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
දිවුරුම් දෙන දිනයේ සිට ලබන ඔක්තෝබර් මස 20 දක්වා ඕනෑම දිනයක එරට මහමැතිවරණය කැඳවීමට නව අගමැතිවරයාට බලතල ඇති අතර, මේ මස අවසානයේදීම මැතිවරණය කැඳවීමට නව අගමැති පියවර ගනු ඇති බව අනාවැකි පළ වී තිබෙනවා.