කැන­ඩාවේ නව අග­මැති පත් වෙයි

March 11, 2025 - 2:50 PM
කැන­ඩාවේ ලිබ­රල් පාලක පක්ෂයේ නව නාය­කයා සහ අග­මැ­ති­ව­රයා පත් කර­ගැ­නීම සඳහා පැවැති මැති­ව­රණ කොට්ඨාස ඡන්ද විම­සී­මෙන් 59 හැවි­රිදි බැංකු­ක­රු­වෙක් වන මාක් කාර්නි ජය­ග්‍ර­හ­ණය කර තිබෙනවා.

ඒ අනුව ඔහු කැන­ඩාවේ 24 වැනි අග­මැ­ති­ව­රයා හා ලිබ­රල් පාලක පක්ෂයේ නව නාය­කයායි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කැනේ­ඩි­යානු හා බ්‍රිතාන්‍ය ද්විත්ව පුර­වැ­සි­යෙක් වන කාර්නි ඡන්ද විම­සීමේ පළමු වට­යේ­දීම 85.9%ක අති­වි­ශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක් ලැබූ බවයි.

ඇමරිකාව සමඟ පව­තින වෙළෙඳ සහ දේශ­සීමා ගැට­ලුව විස­ඳී­මට සහ මහ­මැ­ති­ව­ර­ණය කැඳ­වී­මට නව අග­මැ­ති­ව­රයා ඉදි­රි­යේදී පිය­වර ගනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

(lknews.lk)