චාමර සම්පත් ඇප මත මුදා හැරීමට නියෝග

March 27, 2025 - 4:44 PM
අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇප මත මුදා හරින ලෙස නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

දූෂණ චෝදනා සම්බන්ධයෙන් අද (27) ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහුව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප  2ක් මතමුදා හැරීමට නියම කර තිබෙනවා.

එහිදී සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටත් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

(lknews.lk)