සිරි­යාවේ යළි සිවිල් ගැටුම් පැති­රෙයි

March 11, 2025 - 10:22 AM
සිරි­යානු රජයේ හමු­දාව සහ හිටපු නායක බෂාර් අල් අසාද්ගේ හිත­වාදී සන්නද්ධ කණ්ඩා­යම් අතර ගැටුම් උත්සන්න වී රට පුරා සිවිල් යුද්ධ­යක් ව්‍යාප්ත වී තිබෙනවා.

බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කර­ගත් සිරි­යානු මානව හිමි­කම් නිරී­ක්ෂණ කණ්ඩා­ය­මක් නිවේ­ද­නය කළේ මේ වන විට එම ගැටුම් සිරි­යාවේ ප්‍රධාන නග­ර­වන දම­ස්කස් සහ ඇලෙප්පෝ දක්වා පැතිරී ගොස් ඇති බවත්, දින 3ක් ඇතු­ළත එරට පුද්ග­ල­යන් 1,300ක් ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇති බවයි.

එමෙන්ම මියගිය අය­ගෙන් 973 දෙන­ක්ම සිවිල් වැසි­යන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ බෂාර් අල් අසාද්ගේ පාල­නය බිඳ වැටී­මෙන් පසු සිරි­යාවේ ආරම්භ වූ පළමු සිවිල් ගැටුම මෙය වන අතර, සිවිල් වැසි­යන් මියයෑම පිළි­බඳ එක්සත් ජාතීන්ගේ දැඩි අව­ධා­නය යොමු වී ඇති බවයි.


(lknews.lk)