ගංවතුරෙන් හානි වූ වගාවලට වන්දි

January 28, 2025 - 4:03 PM
ගංවතුර හේතුවෙන් හානි වූ වගාවලට වන්දි මුදල් ලබාදීම අනිද්දා (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

එහි සභාපති පේමසිරි ජයසිංහආරච්චි සඳහන් කළේ රුපියල් මිලියන 166.7කට ආසන්න වන්දි මුදල් ප්‍රමාණයක් ගොවීන් 6,234 දෙනෙක්ට ලබාදීමට නියමිත බවයි.

පොළොන්නරුව, මුලතිව්, වවුනියාව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල වගා බිම් අක්කර 13,376ක් සඳහා මුල් අදියරේ මෙම වන්දි මුදල ලබාදෙන බව වැඩිදුරටත් සඳහන් කළා.

(lknews.lk)