නඩු භාණ්ඩ­යක් වූ යතු­රු­පැ­දිය නිද­හස් කළ කොස්තා­පල්ගේ වැඩ තහ­නම්

March 18, 2025 - 10:07 AM
නඩු භාණ්ඩ­යක් ලෙස තිබුණු යතු­රු­පැ­දි­යක් රුපි­යල් 5,000ක මුද­ලක් අල්ලස් ලෙස ලබා­ගෙන සැක­කාර පාර්ශ්ව­යට රැගෙන යාමට ඉඩ­දුන් කර­න්දෙ­ණිය පොලී­සියේ සේවයේ නිරත පොලිස් කොස්තා­ප­ල්ව­ර­යෙක්ගේ වැඩ තහ­නම් කර තිබෙනවා.

මෙම යතු­රු­පැ­දිය පොලිස් භාර­යට ගෙන ඇත්තේ පොලිස් අණ නොතකා පලා­ගොස් මහ මඟ අත්හැරදමා ගොස් තිබි­ය­දීයි.

එම පුද්ග­ල­යා­ගෙන් කළ ප්‍රශ්න කිරී­මේදී අනා­ව­ර­ණය වී ඇත්තේ මෙම පුද්ග­ල­යාගේ සහෝ­ද­ර­යෙක් වන කර­ණ­වෑ­මි­යෙක් විසින් පොලිස් ස්ථාන­යට ගොස් එදින රාත්‍රී කාලයේ පොලිස් ස්ථානයේ සේවයේ නිර­තව සිටි පොලිස් කොස්තා­ප­ල්ව­ර­යාට රුපි­යල් 5,000ක මුද­ලක් ලබාදී යතු­රු­පැ­දිය රැගෙන ගිය බවයි.

ඒ අනුව කර­ණ­වෑ­මි­යාත් යතු­රු­පැ­දිය සන්ත­කයේ තබා­ගෙන සිටි පුද්ග­ල­යාත් පොලිස් ස්ථානයේ තිබුණු යතු­රු­පැ­දිය රුපි­යල් 5,000ක් ලබා­ගෙන සොරා­ගෙන යාමට ඉඩ­දුන් පොලිස් කොස්තා­ප­ල්ව­ර­යාත් අත්අ­ඩං­ගු­වට ගැනී­මට කර­න්දෙ­ණිය පොලී­සියේ නිල­ධා­රින් පිය­වර ගෙන තිබෙනවා.

(lknews.lk)