එක්ස් සමාජ මාධ්‍ය­ජා­ල­යට සයි­බර් ප්‍රහා­ර­යක්

March 12, 2025 - 9:35 AM
එලෝන් මස්ක්ට අයත් එක්ස් සමාජ මාධ්‍ය­ජා­ලය ගෝලීය වශ­යෙන් බිඳ වැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ට්විටර් නමින් හඳු­න්වනු ලැබූ එම සමාජ මාධ්‍ය­ජා­ල­යට ප්‍රවේ­ශ­වී­මට නොහැකි බවට ලොව පුරා රට­වල් රැසක එක්ස් ගිණුම් හිමි­යන් පැමි­ණිලි කර ඇති බවයි.

එක්ස් සමාජ මාධ්‍ය­ජා­ලය බිඳ වැටීම සයි­බර් ප්‍රහා­ර­යක් බවට එලෝන් මස්ක් ප්‍රකාශ කර ඇති අතර, ඊයේ (11) ලොව ඇතැම් කලා­ප­වල එක්ස් මෙහෙ­යුම් යථා තත්ත්ව­යට පත් කිරී­මට හැකිවූ බව එක්ස් සමා­ගම නිවේ­ද­නය කර තිබෙනවා.

(lknews.lk)