මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ගැන තීරණයක්

May 20, 2025 - 10:01 AM
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කොමිෂන් සභාවක් කිරීමට තීරණය කර තිබෙනවා.

එම සභාවේ සභාපති කුමාරි ජයරත්න සඳහන් කළේ මාර්ග ආරක්ෂාව පිළිබඳ නීති පැනවීමට සහ එම නීති කඩ කරන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට එමඟින් හැකියාව ලැබෙන බවයි.

දැනට පවතින ආයතන ව්‍යුහය මඟින් එම ක්‍රියාමාර්ග ගත නොහැකි බවයි වාර්තා වන්නේ.

නීතිමය රාමුවක් තුළ නීතිමය ප්‍රතිපාදන ලැබීමත් සමඟ වඩාත් කාර්යක්ෂම ලෙස මාර්ග ආරක්ෂාව සඳහා පියවර ගත හැකි බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරිය වැඩිදුරටත් කියා සිටියා.

(lknews)