ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරට

February 01, 2025 - 11:57 AM
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඩිෆෙන්ඩර් රථයක් අද (01) අලුයම 1.00ට පමණ අනතුරකට ලක්වී තිබෙනවා.

තලාව පොලිසිය සඳහන් කළේ පුද්ගලයන් සිව් දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි.

යාපනයේ පැවති උත්සවයකට සහභාගී වී ඊයේ (31) නැවත කොළඹ බලා එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙක්ගේ තත්ත්වය බරපතල බවත් ඔවුන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි.

(lknews.lk)