නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීම හෙට

September 01, 2024 - 2:33 PM
සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාර දීම හෙට (02) සිදු කිරීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසන්නේ තැපැල් දෙපාර්තමේන්තුව විසින් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම නිසි පරිදි සිදු කරන බවයි.

(lknews.lk)