දේශබන්දුගේ පෙත්සම විභාගයකින් තොරව ප්‍රතික්ෂේප කරයි
March 17, 2025 - 11:24 AM
තමා අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවන අතුරු තහනමක් ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම විභාගයකින් තොරව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඔහු සිය පෙත්සම මඟින් ඉල්ලා ඇත්තේ 2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.
පෙත්සම් විභාගය පසුගිය දින අවසන් වූ අතර, එහි තීන්දුව මෙලෙස අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
(lknews.lk)