නෙදර්ලන්ත ආධාර මත ක්‍රියාත්මක පාලම් ව්‍යාපෘතියක් අතරමග නවතියි
January 24, 2025 - 10:48 AM
නිසි සැලසුමක් නොතිබීම හේතුවෙන් නෙදර්ලන්ත ආධාර ඇතිව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ පාලම් ව්‍යපෘතියක් අතරමග නතර වී තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සඳහන් කළේ 2021 වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය 2024 වසරේ අවසන් කිරිමට නියමිතව තිබූ බවයි.
ව්‍යාපෘතියේදී පෙර සවි පාලම් 162ක් සවි කිරීමට නියමිතව තිබූ අතර ඒ සඳහා රුපියල් මිලියන 14,112ක මූල්‍යාධාරයක් නෙදර්ලන්ත රජය විසින් ලබාදී තිබෙනවා.
ඉන් 35%ක්ම ප්‍රදානයක් බවයි වාර්තා වන්නේ.
නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් වැඩිදුරටත් කියා සිටියේ එයින් සම්පුර්ණයෙන් ඉදිකිරීමට හැකිවී තිබෙන්නේ පාලම් 101ක් පමණක් බවයි.
(lknews.lk)