රාජ්‍ය නිලධාරීන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

April 06, 2025 - 2:23 PM
රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සතියේදී සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක සඳහන් කළේ සියලු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ සංස්ථාවල සභාපතිවරුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නියමිත බවයි.

අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා අදාළ රාජ්‍ය නිලධාරීන් ලබන සතිය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(lknews)