කොළඹ වැල්ලවාය මාර්ගයේ මාරක රිය අනතුරක්

February 03, 2025 - 1:45 PM
මාතර දෙස සිට තිස්සමහාරාමය දෙසට කොළඹ වැල්ලවාය මාර්ගයේ ධාවනය වූ ත්‍රීරෝද රථයක් ඊයේ (02) බස් රථයක පිටුපස ගැටී මාරක අනතුරක් සිදුවී තිබෙනවා.

අනතුරෙන් රියදුරුගේ බිරිඳ මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 52 හැවිරිදි වියේ පසුවන කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

බස් රථයේ රියදුරු අත්අඩංගුවේ පසුවන බව තංගල්ල පොලිස් ස්ථානය සඳහන් කළා.

(lknews.lk)