අලව්වේ මාරක රිය අනතුරක්

February 22, 2025 - 12:22 PM
ගිරිඋල්ල දෙස සිට අලව්ව දෙසට ධාවනය කළ යතුරුපැදියක් ටිපර් රථයක ගැටී ඊයේ (21) අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ ගිරිඋල්ල මාර්ගයේ ලංගම ඩිපෝව ඉදිරිපිටදීයි

පොලීසිය සඳහන් කළේ අනතුරෙන් බරපතල තුවාල ලැබූ පැදිකරු අලව්ව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 56ක් වන බුජ්ජෝමුව අලව්ව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව අලව්ව පොලීසිය සඳහන් කළා.

(lknews.lk)