ඇල්ලේ මාරක රිය අනතුරක්
February 13, 2025 - 4:20 PM
බදුල්ල දෙස සිට බණ්ඩාර වෙල දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ නවත්වා තිබුණු යතුරු පැදියක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ හාලිඇල බෙරගල මාර්ගයේ හල්පේ ප්‍රදේශයේදීයි.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු දෙමෝදර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා වයස අවුරුදු 43ක් වන ගල්බොක්ක වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව ඇල්ල පොලිසීය සඳහන් කළා.
(lknews.lk)