සෙවනගල මාරක රිය අනතුරක්

February 28, 2025 - 10:29 AM
සෙවනගල හන්දිය දෙස සිට 10 කණුව දෙසට ධාවනය කළ යතුරුපැදියක් තවත් යතුරුපැදියක ගැටී ඊයේ (27) අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ සෙවනගල 10 කණුව මාර්ගයේ හබරළුවැව ප්‍රදේශයේදීයි.

පොලීසිය සඳහන් කළේ අනතුරින් බරපතල තුවාල ලබා සිටි පසුපැදිකරුවෙක් සෙවනගල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 34ක් වූ කන්දේයාය මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව සෙවනගල පොලීසිය සඳහන් කළා.


(lknews.lk)