අවිස්සාවේල්ලේ මාරක රිය අනතුරක්

February 26, 2025 - 9:49 AM
කොස්ගම දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටී ඊයේ (25) අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ කොළඹ මඩකලපුව මාර්ගයේ පුවක්පිටිය ප්‍රදේශයේදීයි.

පොලීසිය සඳහන් කළේ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.

ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 39ක් වන කොස්ගම අකරවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව අවිස්සාවේල්ල පොලීසිය සඳහන් කළා.
(lknews.lk)