බණ්ඩාරගම මාරක රිය අනතුරක්

February 17, 2025 - 10:26 AM
බණ්ඩාරගම දෙස සිට කැස්බෑව දෙසට ධාවනය වූ කර රථයක් විදුලි රැහැන් කණුවක ගැටී ඊයේ (16) අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ බණ්ඩාරගම ගම්මන්පිල වැව ආසන්නයේදීයි.

පොලීසිය සඳහන් කළේ අනතුරෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා බණ්ඩාරගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 26ක් වන මැදගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව බණ්ඩාරගම පොලීසිය සඳහන් කළා.

(lknews.lk)