දොම්පේ මාරක රිය අනතුරක්

February 21, 2025 - 10:03 AM
හංවැල්ල දෙස සිට පූගොඩ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් උඅතුරුපදියක ගැටී ඊයේ (20) අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ හංවැල්ල පූගොඩ මාර්ගයේ පූගොඩ ප්‍රදේශයේදීයි.

පොලීසිය සඳහන් කළේ අනතුරෙන් බරපතල තුවාල ලබා සිටි යතුරුපැදිකරු දොම්පේ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ක් වන කැකුණදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව දොම්පේ පොලීසිය සඳහන් කළා.

(lknews.lk)