මැදගම මාරක රිය අනතුරක්

February 11, 2025 - 3:15 PM
බිබිල දෙස සිට මැදගම දෙසට ධාවනය වූ ත්‍රී රෝද රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ බිබිල මැදගම මාර්ගයේදීයි.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව මැදගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ජීවිතක්ෂයට පත්වූ කාන්තාව වයස අවුරුදු 61ක් වන 09 කණුව මැදගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව මැදගම පොලිසීය සඳහන් කළා.

(lknews.lk)