ලොව නිද­හස් රට­වල් අතර ෆින්ල­න්තය පෙර­මුණේ

March 21, 2025 - 11:53 AM
ලොව රට­වල් අතර දේශ­පා­ලන අයි­ති­වා­සි­කම් සහ සිවිල් නිද­හස සමී­ක්ෂ­ණ­යට ලක් කරන ලොව නිද­හස් රට­වල් 2025 ලැයි­ස්තුවේ ලකුණු 100න් 100ම ලබ­මින් ෆින්ල­න්තය පළමු ස්ථාන­යට පත්වී තිබෙනවා.

ඒ ගෝලීය ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය, දේශ­පා­ලන නිද­හස සහ මානව හිමි­කම් පිළි­බඳ ගැටලු සම්බන්ධ නිරී­ක්ෂ­ණය කරන ‘ෆ්‍රීඩම් හවුස්‘ නමැති ඇමරිකානු ආය­ත­න­යක් විසින් වාර්ෂි­කව නිකුත් කරනු ලබන එම වාර්තා­ව මඟිනුයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලොව නිද­හස් රට­වල්, අර්ධ වශ­යෙන් නිද­හස් රට­වල් සහ නිද­හස අහිමි රට­වල් වශ­යෙන් කාණ්ඩ 3ක් යටතේ නිකුත් කර ඇති ලැයි­ස්තු­වට අනුව නව­සී­ල­න්තය, නෝර්වේ සහ ස්වීඩ­නය ලකුණු 99ක් ලබා දෙවැනි ස්ථානයේ සහ කැන­ඩාව, ඩෙන්මා­ර්කය, අයි­ස්ල­න්තය සහ ලක්ස­ම්බර්ග් රාජ්‍ය­ය තුන්වැනි ස්ථානයේ පසු­වන බවයි.

(lknews.lk)