දිය අනතුරකින් විදෙස් කාන්තාවකගේ දිවි බේරා ගනියි

February 08, 2025 - 2:41 PM
හික්කඩුව වෙරළ තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතික කාන්තාවක් ඊයේ (07) දිය වැළකට හසුව ගසාගෙන යමින් සිටියදී බේරාගෙන තිබෙනවා.

ඒ එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින්.

හික්කඩුව පොලීසිය සඳහන් කළේ අනතුරට පත් කාන්තාව වයස අවුරුදු 68ක් වන රුසියානු ජාතිකයෙක් බවයි.

(lknews.lk)