නිදහස් සැමරුම් පුහුණුවීම් ඇරඹෙයි
January 28, 2025 - 12:03 PM
77 වන නිදහස් දිනය වෙනුවෙන් පෙරහුරු කටයුතු හෙට (29) සිට ආරම්භ කරන බව පොලීසිය පවසනවා.
'ජාතික පුනරුදයට පෙළගැසුමු' යන තේමාව යටතේ මෙවර නිදහස් දිනය සැමරුම් උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මේ සඳහා යුද, ගුවන්, නාවික, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම සිවිල් ආරක්ෂක බළකා පෙළපාලිද පැවැත්වීමට නියමිතයි.
පෙරහුරු කටයුතු හෙට දිනයේ සිට එළඹෙන 02වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවද පොලීසිය සඳහන් කළා.
(lknews.lk)