පකිස්ථානයේ ගෑස් හිඟයකින් රමලාන් උපවාසයටත් බාධා
March 06, 2025 - 12:51 PM
පකිස්ථානයේ පවතින ගෑස් හිඟය හේතුවෙන් මෙවර රමලාන් මාසයේ පළමු දිනයේ උපවාසය සඳහා අලුයම් කාලයේ ආහාර පිසීමට නොහැකිවූ දහස් සංඛ්‍යාත ඉස්ලාම් බැතිමතුන්ට නිරාහාරව උපවාසය ආරම්භ කිරීමට සිදුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය 2වනදා ආරම්භ වූ රමලාන් උපවාසයේ පළමු දිනයේදී කරච්චි සහ රාවල්පිණ්ඩි නගරවල පළාත් රැසක ඉස්ලාම් බැතිමතුන්ට එම තත්ත්වයට මුහුණ දීමට සිදුවූ බවයි.
මේ අතර රමලාන් උපවාස සමයේ ජනතාව මුහුණ දුන් මේ ගෑස් හිඟය සම්බන්ධව එරට අගමැති ශෙබාස් ෂරීෆ්ගේ දැඩි අවධානය යොමුවී ඇති බවද, කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ගෑස් සැපයීමට කඩිනම් පියවර ගෙන ඇති බවද පාකිස්තානයේ සමා ටීවී පුවත් සේවය වාර්තා කළා.
(lknews.lk)