ගලේ­වෙල ප්‍රාදේ­ශීය සභා­වට ජර්මන් කත­කුත් තරඟ බිමට

March 20, 2025 - 10:24 AM
මෙවර පළාත් පාලන මැති­ව­ර­ණයේ මාතලේ දිස්ත්‍රි­ක්ක­යෙන් ගලේ­වෙල ප්‍රාදේ­ශීය සභා­වට ශ්‍රී ලංකාවේ පුර­වැ­සි­භා­වය ලබා­ගෙන සිටින ජර්මන් කාන්තා­වක් අපේ­ක්ෂි­කා­වක් ලෙස ඉදි­රි­පත් වීමට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මාරියා බෙනන්සා නැමැති ඇය ස්වාධීන කණ්ඩා­යම් අපේ­ක්ෂි­කා­වක ලෙස තරග වැදී­මට නිය­මි­තයි.

එමෙන්ම ඇය මාතලේ දිස්ත්‍රික් තේරී­ම්භාර නිල­ධා­රී­ව­රයා වෙත අද (20) නාම යෝජනා භාර­දී­මට නිය­මි­තව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වෙන­සක් කිරීමේ අපේ­ක්ෂා­වෙන් තමන් පළාත් පාලන මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන බව ඇය මේ සම්බ­න්ධ­යෙන් පවසා ඇති අතර මෙරට පුර­වැ­සි­භා­වය හිමි විදේ­ශික කාන්තා­වක් පළාත් පාලන මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන පළමු අව­ස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

(lknews.lk)