යළිත් ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

January 23, 2025 - 1:07 PM
වසරේ පළමු සති 03 තුළදී පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 3,499 දෙනෙක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.

එම සංඛ්‍යාව දැක්වෙන්නේ 1576ක් ලෙසයි. 

දිවයිනෙන් ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 22ක් හඳුනාගෙන ඇති බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.

(lknews.lk)