හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට සැරසෙයි

January 30, 2025 - 3:22 PM
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙක් සහ තායි ජාතිකයන් පස් දෙනෙක් හමාස් සංවිධානය විසින් අද (30) ගාසා තීරයෙන් නිදහස් කිරීමට අපේක්ෂා කරන බව ඊශ්‍රායලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ 29 හැවිරිදි සහ 20 හැවිරිදි යන කාන්තාවන් දෙදෙනෙක් සහ 80 හැවිරිදි ඊශ්‍රායල ජාතිකයන් බවයි වාර්තා වන්නේ.

තායි ප්‍රාණ ඇපකරුවන්ගේ නම් මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නොමැති අතර ඔවුන් නිදහස් කිරීම හමාස් සංවිධානයේ ඒකපාර්ශ්වික පියවරක් බවයි ඔවුන් සඳහන් කළා.

(lknews.lk)