හස්ත කර්මා­න්තය ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පො­ළට

March 21, 2025 - 10:42 AM
ශ්‍රී ලංකාවේ සාම්ප්‍ර­දා­යික හස්ත කර්මාන්ත නිෂ්පා­දන ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පො­ළට හඳු­න්වා­දී­මට හා දේශීය නිර්මා­ණ­ක­රු­වන් සඳහා ගෝලීය අවස්ථා උදා­කර දීමේ “Creative Sri Lanka 2030: Matchmaking Pilot Program 2025” වැඩ­ස­ට­හන දියත් කර තිබෙනවා.

යුරෝපා සංග­මයේ (EU) ශ්‍රී ලංකා නියෝ­ජි­තා­ය­ත­නය සහ ශ්‍රී ලංකා අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය (EDB) එක්ව ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත නිෂ්පා­දන ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පො­ළට යොමු කිරීමේ අර­මු­ණින් මෙම නව­තම වැඩ­ස­ට­හන ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ ශ්‍රී ලංකා අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ල­යේදීයි.

(lknews.lk)