ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු සංඛ්‍යාව 188ක්

January 24, 2025 - 12:10 PM
පසුගිය වසරේ සැප්තැම්බර් 15වනදා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (23) නිකුත් වුණා.

කොළඹ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ එම විභාගයේදී සිසුවෙක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව 188ක් බවයි.

එමෙන්ම වැඩිම ලකුණු ලබාගත් සිසුන් 18දෙනෙක් සිටින බවත් ශිෂ්‍යත්ව විභාගයට මුහුණු දුන් සිසුන්ගෙන් 16.05%ක ප්‍රතිශතයක් එයින් සමත් වී ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(lknews.lk)