ඉන්දීය අග­මැති චීනයේ හොඳ කියයි

March 20, 2025 - 10:19 AM
ඉන්දි­යාව සහ චීනය අතර සියලු ආකා­රයේ සබ­ඳතා ශක්ති­මත් වීමේ පසු­බිම නිර්මා­ණය කර­මින් ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි චීනය සම්බ­න්ධව සුබ­වාදී ආක­ල්ප­ය­කින් අද­හස් දක්වා තිබෙනවා.

විදෙස්මධ්‍ය වාර්තා කළේ කෘත්‍රිම බුද්ධි තාක්ෂ­ණය සම්බන්ධ පර්යේ­ෂ­ක­යෙක් වන ලෙක්ස් ෆ්‍රිඩ්මන් සමඟ පසු­ගි­යදා සාක­ච්ඡා­ව­කට එක්වෙ­මින් ඉන්දීය අග­මැ­ති­ව­රයා පැරැණි සංස්කෘ­තික සහ ශිෂ්ටා­චාර සබ­ඳතා දෙරට අතර සමීප සම්බ­න්ධ­තා­වක් පව­තින බව හා වර්ත­මා­නය වන විට උද්ගත වී ඇති අර්බු­ද­ව­ලට සැබෑ ඉති­හා­ස­යක් නොමැති බවයි.

වසර 2020ට පෙර ඉන්දි­යාව සහ චීනය අතර පැවැති සමී­ප­භා­වය යථා තත්ත්ව­යට පත් කිරී­මට දෙර­ටම කට­යුතු කර­මින් සිටින බව ද ඉන්දීය අග­මැ­ති­ව­රයා සඳ­හන් කළා.

(lknews.lk)